jQuery UI Datepicker - Format date

ප්‍රතිඵල සොයන්න


දිනුමි වාරය දිනය:

සංවර්ධන ලොතරැයි මණ්ඩලය

සංවර්ධන ලොතරැයිය 1983 ජනවාරි 19 දා පටන් ශ්‍රී ලාංකික ජනතාවගේ ජිවිත සරුසාර කිරීමට මහෝපකාරී වී ඇත. ත්‍යාග මුදල් වශයෙන් රුපියල් මිලියන ගනන් පිරිනමමින් හා ලාභ වශයෙන් උපයන මුදල් මිලියන ගනන් ජනාධිපති අරමුදලට දායක කරමින්, ආරම්භයේ පටන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලය ශ්‍රි ලංකා දේශයට ලබා දී ඇත්තේ අතිවිශාල දායකත්වයකි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය නවාංගීකරණය අතින් මෙන්ම, පෙර ගමන් කරුවකු වශයෙන්ද ශ්‍රී ලංකාවේ උසස්තම ලොතරැයි සංවිධානය වන්නේය. ආරම්භයේ පටන්ම ලොතරැයිපත් මුද්‍රණය කිරීම සඳහාත්, මහජනයා වෙත කරන සියලුම ත්‍යාග මුදල් ප්‍රදානයන් සඳහාත් සංවර්ධන ලොතරැයිය උපයෝගී කරගෙන ඇත්තේ නවතමතාක්ෂණයයි

තවද සංවර්ධන ලොතරැයි මණ්ඩලය සංස්ථාපිත පුරවැසියෙකු වශයෙන් ශ්‍රී ලංකාවේ ලොතරැයි ප්‍රවර්ධනය, කළමනාකරණය හා පරිපාලනය සම්බන්ධයෙන් අවංක භාවයෙන් හා විශ්වාසනීය භාවයෙන් මෙන්ම, වගකීමකින් යුක්තව සිය ලොතරැයි මෙහෙයුම් කටයුතුවල යෙදි සිටියි.

 

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි අලෙවි නියෝජිතවරුන් සඳහා පුරප්පාඩු

ත්‍යාග මුදල් වශයෙන් රුපියල් මිලියන ගණන් පිරිනමමින් හා ලාභ වශයෙන් උපයන මුදල් මිලියන ගණන් ජනපති අරමුදලට හා මහපොළ අරමුදලට දායක කරමින් ආරම්භයේ පටන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලය ශ්‍රී ලංකා දේශයට ලබා දී ඇත්තේ අතිවිශාල දායකත්වයකි.

පෙරටත් වඩා වැඩි දායක්තවයක්  ලබාදීම උදෙසා 2017 වර්ෂයට දිවයින් පුරා අලූතින් නියෝජිතවරුන් බඳවා ගැනීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය අදහස් කර ඇත. එම නියෝජිතවරුන්ගේ කැපවීම මගින් ඔවුන්ගේ අනාගතය වඩා සුබදායක කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඇපකැප වී සිටියි.

•        කොළඹ දිස්ත්‍රික්කය.

•        ගම්පහ දිස්ත්‍රික්කය.

•        කුරුණෑගල දිස්ත්‍රික්කය.

•        අනුරාධපුර දිස්ත්‍රික්කය.

•        ගාල්ල දිස්ත්‍රික්කය.

•        මාතර දිස්ත්‍රික්කය.

•        පුත්තලම දිස්ත්‍රික්කය.

•        මහනුවර දිස්ත්‍රික්කය.

යන දිස්ත්‍රික්කවලට වැඩි අවධානයක් යොමු කරනු ලැබේ.

 

ඔබ විසින් සමුපූර්ණ කරන ලද අයදුම්පත් හැකි ඉක්මණින් පහත සඳහන් ලිපිනයට යොමුකරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

 

සභාපති ,

සංවර්ධන ලොතරැයි මණ්ඩලය,

අංක 356  අචාර්ය කොල්වින් ආර් ද සිල්වා මාවත,

යුනියන් පෙදෙස,

කොළඹ 02.

 

සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉරිදා දිනවලදීත් "කෝටිපති ශනිදා" හඳුන්වා දෙයි

1983වසරේ පටන් මෙරට ජනතාවගේ ජීවිත නගාසිටුවීම සඳහා කැප වුණු සංවර්ධන ලොතරැයි මණ්ඩලය, සිය ජනප්‍රියත ම ලොතරැයියක්වන කෝටිපති ශනිදා ලොතරැයිය මේ වසරේ දෙසැම්බර් මාසයේ සිට ඉරිදා දිනවලදී ද හඳුන්වා දෙයි. සෑම අඟහරුවාදාවක ම සහ සිකුරාදාවක ම දිනුම් අදිනු ලබන මෙම ලොතරැයිය මිලියන 75ක උපරි ම ආරම්භක ජයග්‍රාහී ත්‍යාග මුදලක් පිරිනමයි.

මේ වසරේ නොවැම්බර් මාස 27වනදා සිට ලොතරැයි අලෙවි කෙරුණු අතර එය ඕනෑ ම අලෙවි මධ්‍යස්ථානයකින් හෝ දිවයින පුරා විසිරී සිටින අලෙවි නියෝජිතයන්ගෙන් මිලදී ගත හැකිය.

 

ලග්න වාසනාව හඳුන්වාදෙන ඩබල් චාන්ස් මඟින් දිනුම් අවස්ථා දෙකක්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය  මඟින්  ලග්න වාසනාව ලොතරැයිපතට හඳුන්වාදෙන "ඩබල් චාන්ස්" නවතම ප‍්‍රවර්ධනය මඟින් ලොතරැයි මිලදී ගන්නා පාරිභෝගිකයන්ට දැනට ලබා දෙන ත්‍යාග වලට අමතරව විශේෂ දිනුම් ඇදීමෙන්  අංක දෙක ගලපා තෑගි දිනා ගැනීමේ අවස්ථාව ඔබට සලසා දී ඇත.

ඒ අනුව විශේෂ දිනුම් ඇදී‍මෙන් තෝරනු ලබන  එක් අංකයක් සඳහා රු. 50/- ක්ද, අංක දෙකක් සඳහා  රු. 1000/- ක් ද හිමි

 මෙම ප‍්‍රවර්ධන වැඩසටහනට අදාල ප‍්‍රථම දිනුම් ඇදීම 2016ඔක්තොම්බර් 21වන සිකුරාදා දින  රතු පැහැති ලග්න වාසනා ටිකට් පතෙන් ආරම්භ කිරීමට නියමිත අතර   මෙම ප‍්‍රවර්ධන වැඩසටහන තුලින් පුරා මාස 03ක් තුල විශාල අතිරේක මුදල් ත්‍යාග ප‍්‍රමාණයක් බිහි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය සැලසුම් කර ඇත. 

 

 

අලුත්ම තෑගි රසයක් සමඟම"සංවර්ධන වාසනාව" ආයෙත් ඇවිල්ලා !

ලොතරැයි වෙළඳපළට නව ප්‍රවනතාවයන් හඳුන්වාදීෙම්  ප්‍රමුඛයා යන විරුදාවලිය ලබා සිටින සංවර්ධන ලොතරැයි මණ්ඩලය2016 ෙදසැම්බර් 22 වන දින සිට ත්‍යාග ලබා ගැනීමේ පිපාසයෙන් සිටින ලොතරැයි පාරිභෝගිකයින්ට අලුත්ම විදිෙහ තෑගි රසයක් ලබා ෙදන ලොතරැයියක් ෙවළද ෙපාලට හඳුන්වා දීමට කටයතු  කර ඇති බව පසුගියදා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේ ප්‍රකාශ කරන ලදී.එසේම ෙමම වෙනස සමඟ මේ රටේ ලොතරැයි මිලදී ගන්නන්ගේ හදවතේ ලැගුම් ගෙන සිටි ප්‍රබලසන්නම් නාමයක් වන"සංවර්ධන වාසනාව" සන්නම් නාමයත් සමඟ ෙමම නව තෑගි රසය ඇති ටිකට් පත ලෙස එළි දක්වා ඇත.

ෙමහි ඇති විශේෂත්වය වන්නේ මහා ජයමල්ල ලෙස රු.5,000,000/- ද සුපිරි ජයමල්ල ලෙස රු.2,000,000/- හා ජයමල්ල ලෙස රු 1,000,000/- කින් ඇරඹෙන වැඩිවන ජයමලු 3ක් සමඟ තවත් රු 500,000/- ත්‍යාගයන් හා‍ පසුපෙල හා මැදපෙල විශාල ත්‍යාගයන් ප්‍රමාණයක් බිහිවන පරිදි ෙමම ලොතරැයිය නිර්මාණය කර තිබීමයි.

 

“සුපර් බෝල් ලකී සීසන්” සමග මේ සීසන් එකේ ලක් එකේ කී එක අතටම ගන්න!

සංවර්ධන ලොතරැුයි මණ්ඩලයේ සුපර්බෝල් ලොතරැයිපතට හදුන්වාදෙන ”සුපර්බෝල් ලකී සීසන්” නවතම විශේෂ දිනුම් ඇදීම මගින් ලොතරැුයිපත් මිලදී ගන්නා පාරිභෝගිකයන්ට තවත් සුපිරි ජයග‍්‍රහණ උදාකරගැනීමට අවස්ථාවක්.

දෙසැම්බර් 29 වනදාට යෙදී ඇති මෙම සුපර්බෝල් විශේෂ දිනුම් ඇදීමවන “සුපර්බෝල් ලකී සීසන්” වෙතින්