සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සුපර් බෝල් විශේෂ දිනුම් ඇදීම සමග මේ නොවැම්බරේ තෑගි ඉතිරේ 

06-November-2017

සුපර් බෝල් විශේෂ දිනුම් ඇදීම සමග මේ නොවැම්බරේ තෑගි ඉතිරේ 
සංවර්ධන ලොතරැුයි මණ්ඩලයේ පෙරළිකාර ලොතරැුයිය වන ”සුපර් බෝල්” වෙතින් ශී‍්‍ර ලංකා වාසී සියලූම ජනතාවට කෝට් 4කින් ඇරඹෙන සුපිරි ජයමල්ලට අමතරව තවත් තෑගි දිනාගන්නට අවස්ථාවක් ලබා දෙමින් 2017 නොවැම්බර් 30 වනදා දින විශේෂ දිනුම් ඇදීමක් පැවැත්වීමට සියලූ කටයුතු සංවිධානය කර තිබේ. මෙම සුවිශේෂී දිනුම් ඇදීම නම් කර ඇත්තේ ”සුපර් බෝල් ලකී නොවැම්බරේ - සුපිරි තෑගි දිනන මාසේ” ලෙසයි. 
එදින දිනුම් ඇදීමට නියමිත කොළ පැහැති ටිකට් පතේ සුපිරි ජයමල්ලට අමතරව මෙම විශේෂ දිනුම් ඇදීම ඔස්සේ ප‍්‍රථම ත්‍යාගය ලෙස වටිනා මෝටර් රථයක්ද, දෙවන ත්‍යාගය ලෙස සුපිරි මෝටර් සයිකලයක්ද, තුන්වන ත්‍යාගය ලෙස ටැබ් 1 බැගින් දස දෙනෙකුට සහ සිව්වන ත්‍යාගය ලෙස ස්මාර්ට් දුරකථනය බැගින් දස දෙනෙකුට පිරිනැමේ. 


 ”සුපර් බෝල් ලකී නොවැම්බරේ” ලෙස නම් කරන ලද මෙම විශේෂ දිනුම් ඇදීම සමග ඔබත් එක්වී වාසනාවන්ත ජයග‍්‍රාහකයෙකු වන්නට ඔබත් අවස්ථාව උදාකරගන්න.
 


ජනාධිපති අරමුදලට රුපියල් මිලියන 216 පිරිනැමීම
කෝටිපති ශනිදා තවත් දස කෝටිපතියෙකු බිහිකරයි!
දිස්ත්‍රික් අලෙවි නියොජිත හමුව