සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

2017 වසරේ වැඩිම තෑගි ප‍්‍රමාණයක් පිරිනමන ලොතරැයිය ‘ශනිදා වාසනාව New Year Dream’

16-November-2017

2017 වසරේ වැඩිම තෑගි ප‍්‍රමාණයක් පිරිනමන ලොතරැයිය
‘ශනිදා වාසනාව New Year Dream’

වසරක් අවසාන වී නව වසරකට අප පියනගන්නේ සිහින, බලාපොරොත්තු රැුසක් සිත්වල ර`දවාගෙනයි. 
මේ උත්සව සමයේදීම ඔබේ නව වසරේ සිහින සැබෑකරලන්නට පායන හිරු මෙන් විශ්වාස ශනිදා වාසනාව සූදානම්. ඒ 2017 වසරේ වැඩිම තෑගි ප‍්‍රමාණයක් පිරිනමන ලොතරැයියිශනිදාවාසනාව භැඅ ශැ්ර ෘරු්ප’ සමගිනි.

2017 නොවැම්බර් 15 වෙනිදාිශනිදා වාසනාව New Year Dream’ ලොතරැයිපත වෙළඳපොලට නිකුත් කෙරුනු අතර 2017 දෙසැම්බර් 30 වෙනිදා විශේෂ දිනුම් ඇදීම සිදුකිරීමට නියමිතයි. එම දිනුම් ඇදීමේදී ශනිදා වාසනාව තුලින් ඔබට ගෙනෙන, කෝට් තුනෙන් ඇරඹෙන සුපිරිජයමල්ල, ලක්ෂ දහයේ ත්‍යාග සහ සෙසු ත්‍යාගවලට අමතරව විශේෂ දිනුම් ඇදීමක් මගින් සුපිරි හොන්ඩා වෙසල් රථයක්, රුපියල් ලක්ෂ පහලොවේ ත්‍යාග 25ක් සහ රුපියල් ලක්ෂයේ ත්‍යාග 78ක් දිනාගැනීමේ අවස්ථාව සැලසෙනු ඇත. මෙම තෑගි කන්දරාව ඔබට ගෙනෙනිශනිදා වාසනාව භැඅ ශැ්ර ෘරු්ප’ ලොතරැුයිපතක මිල වන්නේ රුපියල් 100 කි.

සංවර්ධන ලොතරැුයි මණ්ඩලයේ පුරෝගාමී ලොතරැයිපත වන ශනිදා වාසනාව ටිකට්පතට 2017 වසර සුවිශේෂී වසරක්ය. 1987 වසරේ වෙළඳපොලට නිකුත් කෙරුනු ශනිදා වාසනාව, කොටිපතියන්, දසලක්ෂපතියන් සහ ලක්ෂපතියන් විශාල සංඛ්‍යාවක් බිහිකරමින් පැමිණි ගමන්මගේ තිස්වසරක් සැපිරීම ඒ සුවිශේෂිත්වයට හේතුවයි. මෙරට ලොතරැයි ක්ෂේත‍්‍රයට නැවුම් අත්දැකීම් රැුසක් එක්කරමින් මෙරට ජනප‍්‍රියම ලොතරැුයි තරග රටාව හ`දුන්වාදීමේද, ලොතරැයි දිනුම් ඇදීම් රූපවාහිනිය තුලින් විකාශය කිරීමේද පුරෝගාමියා වන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ශනිදා වාසනාවයි.
සංවර්ධන ලොතරැුයි මණ්ඩලය මෙරට පොදු ජනතාවටත් රටේ අනාගයටත් සුවිශාල දායකත්වයක් ලබාදීමට කැපවුනු ආයතනයක්වන අතර මෙරට උපකාර අවැසි බරපතල හෘදරෝගින්, පිළිකා රෝගීින් මෙන්ම වකුගඩු රෝගීන්ටද ආධාර සපයන ජනාධිපති අරමුදල පෝෂණය වන්නේ සංවර්ධන ලොතරැුයි මණ්ඩලයෙනි. මහපොල ශිෂ්‍යත්ව අරමුදල හරහා දැයේ අනාගතය භාරගැනීමට සුදානමින් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුල ඉගෙනුම ලබන අඩු ආදයම්ලාභී පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව ආධාර ලබාදෙන අතර එය සංවර්ධන ලොතරැුයි මණ්ඩලය පිහිටුවීමේ ප‍්‍රමුඛතම අරමුණකි. මෙම ප‍්‍රමුඛතම කාර්යන්ට අමතරව ක‍්‍රීඩා, සෞන්දර්ය, සංස්කෘතික සහ නවෝත්පාදන ස`දහා ද සංවර්ධන ලොතරැුයි මණ්ඩලය අනුග‍්‍රහය දක්වයි.
සංවර්ධන ලොතරැුයි මණ්ඩලයේ ලොතරැයිපත් මිලදී ගන්නා සෑම අවස්ථාවකම ඔබට ජීවිතයම එලිය කරගැනීමට අවස්ථාව උදාවනවා පමණක් නොව නොදැනුවම සුවිශාල සත්කාරයකට දායකවන්නට ද හැකිවනු ඇත.
 


සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ගැලක්සියෙන් Galaxy5ක් නමින් ප්‍රවර්ධන වැඩසටහනක්
කෝටිපති ශනිදා විශේෂ දිනුම් ඇදීම මගින් සුවිශේෂි තෑගි දිනා ගන්න
ජනාධිපති අරමුදලට රුපියල් මිලියන 216 පිරිනැමීම